සේවා වනිතා ඒකකය මඟින් සටනේදී මියගිය රණවිරුවෙකුගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් සාදාදීමට මුල්ගල තබයි.

නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්විම යටතේ ශ්‍රිලංනානෞ දක්‍ෂීණ ආයතනයට අනුයුක්තව සක්‍රිය සේවයේ යෙදි සිටියදි 2005 මැයි මස 24 වන දින මියගිය බනැවි බීකේඩබ්කේ කුඩාහෙට්ටි, එක්ස්ඩී 30136 දරණ නාවිකයාගේ බිරිද විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඇයගේ හා දියණියගේ ඉදිරි අනාගත දිවියට ශක්තියක් වෙමින් සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් නව නිවසක් ඉදිකර දීමට විධායක කමිටුවේ අනුමැතිය මත තීරණය කරන ලදි.

එම අවස්ථාව යථාර්ථයක් බවට පත් කරමින් 2019 මැයි මස 30 වන දින 1144 පැයට යෙදුනු සුභ මොහොතින් අංක 69, 5 වන පටුමග, අරුප්පල, මහනුවර යන ලිපිනයේදී, මියගිය බීකේඩබ්කේ කුඩාහෙට්ටිගේ භාර්යාව වන ප්‍රියා ලක්ෂ්මීන් හේවාවසම් මහත්මියගේ සහ නාවික හමුදාධීපතිතුමන්ගේ අධි සහායක සහ පෞද්ගලික ලේකම්ගේ භාර්‍යාව වන ගෙලනී ද සිල්වා මහත්මියගේ සුරතින් නව නිවසට මුල්ගල තැබිම සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ශ්‍රිලංනානෞ ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක නිලධාරි, සිවිල් ඉංජිනේරු නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයද, සේවා වනිතා ඒකකයේ නිලධාරිණියන් ඇතුළු පිරිසක් සහභාගි විය.