සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ සංකල්පයකට අනුව 2019 ජුනි 13 වන දින වැලිසර පිහිටි නාවික මහ රෝහල් (කොළඹ) සංකීර්ණයේදී වෛද්‍ය සායනයක් පැවැත්විණි.

නාවික පුද්ගලයින්‍‍ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය නංවාලනු පිණිස පැවැත්වු මෙම වෛද්‍ය සායනය ‍නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර, එය සායන 14 කින් සමන්විත විය. එමඟින් නාවික පුද්ගලයින්‍ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.

තවද, මෙම වෛද්‍ය සායනය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන ඇතුළු සියළුම නාවික හමුදා වෛද්‍යවරුන්, වත්තල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා වැඩිහිටි සරණ ආයතනයේ කාර්ය මණ්ඩලය සිය දායකත්වය සපයන ලදි. එමෙන්ම හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා වැඩිහිටි සරණ ආයතනය මඟින් අක්‍ෂි සායනයක් පවත්වා ඇස් පරික්‍ෂා කර නොමිලේ ඇස් කණ්නාඩි ලබා දිම හා ශල්‍ය පහසුකම් සඳහා අවස්ථාව උදා කර දි තිබුණි.

මෙම වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් තම උපරිම දායකත්වය ලබා දුන් වෛද්‍යවරුන්ගේ සේවය අගයමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.