නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනි ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හමුවෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනීයා කෝට්ටේගොඩ මැතිණිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා කාර්යාලයේ දී 2019 ජුනි 28 වන දින හමුවිය.

එහිදී, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි විසින් නව පත්විම් ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි හට සුභ පැතුම් පිරිනමන ලද අතර, නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත වැඩසටහන් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.