පාස්කු ඉරු දින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත් වූවන් සිහි කරමින් දානමය පිංකමක්

පාස්කු ඉරුදින සිදුවු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත් වූවන් සිහි කරමින් තෙමස් පුර්ණ දානමය පුණ්‍යකර්මයක් 2019 ජූලි 21 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනීයා කෝට්ටේගොඩ මැතිණියගේ මඟපෙන්විම යටතේ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක අංශයන් ගේ සේවා වනිතා ඒකකයන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින්හි දායකත්වයෙන් පැවැති මෙම පුණ්‍යකර්මය අග්ග මහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

එහිදී ආගමික වතාවත් වලින් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසිඑක් නමක් විෂයෙහි දානමය පිළිගැන්වීමක් ද එහිදී සිදු කරන ලද අතර, දානය පිළියෙල කිරීම, පිළිගැන්විම හා දානයට අවශ්‍ය සියළුම කාර්යයන් සිදු කරන ලද්දේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය‍ ගේ උපදෙස් මත නාවික හමුදා සේවා වනිතා ඒකකය විසිනි.

මෙම පුණ්‍යකර්මය සඳහා ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, වැඩ බලන පොලිස්පති, ආරක්‍ෂක අංශයන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, යුද්ධ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයන්හි සභාපතිණියන් මෙන්ම ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.