වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කල වෛද්‍ය කඳවුර සඳහා සේවා වනිතා ඒකකයේ දායකත්වය

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් 2019 ජූලි 27 වන දින වැලිඔය ප්‍රදේශයේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකය ද එක්වී සමාජ සුභසාධන වැඩසටහන් කිහිපයක් සඳහා දායකත්වය දක්වන ලදී.

ඒ අනුව, වැලිඔය, පරණගම වැව විද්‍යාලයේ පැවැති මෙම වෛද්‍ය කඳවුරට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය ගේ මඟපෙන්විම හා උපදෙස් මත එම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට රුකුලක් වෙමින් එම සිසු සිසුවියන් සඳහා ඩෙස් පුටු සහ පාසල් උපකරණ මෙන්ම වියලි සලාක ලබා දිමට ද එහිදී කටයුතු කරන ලදී. මෙම සත්කාර්යය සඳහා මුල්‍යමය දායකත්වය නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයන ලද අතර, එය පැමිණි සිටි සියළුදෙනාගේ නොමඳ පැසසුමට ලක්විය.

තවද, නාවික හමුදාව විසින් ඉදිකරන ලද පාසලේ නව රැස්විම් ශාලාව ද සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් සිසු අයිතියට පත් කිරීම ද එහිදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ භාර්යාව වන චිත්‍රානි ගලේවත්ත මැතිණිය මෙන්ම උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසුරිය සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගිවී සිටියහ.