නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලබන ‘අභිමන්සල’ සඳහා මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලබන ‘අභිමන්සල’ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ අතින් අද (අගෝස්තු 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී මුල්ගල් තැබීය.

මේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් ‍නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙන්කර ඇති අතර, ඊට අදාල ප්‍රේශණ පත සංකේතාත්මක වශයෙන් බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා වෙත ප්‍රදානය කිරීම සභාපතිතුමිය විසින් එහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, රියර් අද්මිරාල් සුසිල් සෙනාධිර, නාවික හමුදාධිපතිගේ නාවික සහයක, නාවික අණභාර නිලධාරි (වැලිසර) ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිස්ඨ නිලධාරින් මෙන්ම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගි විය.