සේවා වනිතාවෝ වැල්ලවත්ත ඡිනානන්ද ළමා නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසති

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ මඟපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් අද (අගෝස්තු 13) වැල්ලවත්ත, ඡිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් වැල්ලවත්ත, ඡිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා සිව් නමක් විෂයෙහි දානය පිළිගැන්විම හා එම මධ්‍යස්ථානයේ රැකවරණය ලබන දරුවන් 60 දෙනෙකු සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. තවද, මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පිළිසකර කිරීම් ද සේවා වනිතා ඒකකය මඟින් ඉටු කර දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, පවුල්වල සාමාජිකාවන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.