නිකිණි පුන් පොහොය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධානයෙන් සුමදුර ධර්ම දේශනාවක් පවත්වයි

මෙවර නිකිණි පුන් පොහොය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ සුමදුර ධර්ම දේශනාවක් 2019 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව නාවික හමුදා සේවා වනිතා ඒක‍කයේ සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සංකල්පයකට සහ මඟපෙන්විම යටතේ සේවා වනිතා ඒකකය මඟින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කරන ලදි. වැඩමවා වදාල මාවරලේ භද්දිය හිමියන් විසින් පැමිණ සිට සැදැහැවත් පිරිස හට සුමදුර ධර්ම දේශනාවක් පවත්වන ලදි.

මෙම පුණ්‍ය කර්මය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි,අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, අධ්‍යක්‍ෂකවරුන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජීකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් සහභාගීවී සිටියහ.