ලෝක ළමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් කිහිපයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්විම හා උපදෙස් මත 2019 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුන ජාත්‍යන්තර ළමා දිනයට සමගාමිව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක වන ශ්‍රිලංනානෞ ගැමුණු, ශ්‍රිලංනානෞ තිස්ස හා ශ්‍රිලංනානෞ දක්‍ෂිණ යන නාවික පෙර පාසල්හී ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් පැවැත්විමට කටයුතු කරන ලදි.

ඒ අනුව, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ ලෝක ළමා දින වැඩසටහන ආඥාපති බටහිර නාවික පෙදෙසගේ භාර්යාව වන කුමාරි වීරසිංහ මැතිණියගේ අධීක්‍ෂණය යටතේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා නාවික අණභාර නිලධාරි (වැලිසර) ඇතුළු ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවන ලදි.

මීට සමගාමිව ශ්‍රිලංනානෞ දක්‍ෂිණ නාවික පෙර පාසලේ දරුවන්ගේ ළමා දින වැඩසටහන එම පෙර පාසල් පරිශ්‍රයේදී දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් හා එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, මෙම අවස්ථාව සදහා දකුණු නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයන් මෙන්ම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවන ලදි.

තවද, ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ දරුවන්ගේ ළමා දින වැඩසටහන සැන්ඩිබේ වෙරළ තීරයේදී නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපතිතුමන්ගේ භාර්යාව වන රම්‍යානී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, මෙම අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයන් ඇතුළු පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි වන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනිමෙන් අනතුරුව ආරම්භ වු උත්සවය දරුවන්ගේ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය. ඉන් අනතුරුව දරුවන් වෙනුවෙන් සරුංගල් සැණකෙළියක් පැවැත්විමට කටයුතු කරන ලදී.

ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රීලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රිලංනානෞ ගැමුණු, ශ්‍රිලංනානෞ තිස්ස හා ශ්‍රිලංනානෞ දක්‍ෂිණ යන නාවික පෙර පාසල් වල පවත්වන ලද උත්සව කටයුතු, ආරාධිත අමුත්තන් විසින් දරුවන්ට ත්‍යාග පිරිනැමිමෙන් පසුව නිමාවට පත්විය.


නැගෙනහිර නාවික විධානය


දකුණු නාවික විධානය


බටහිර නාවික විධානය