සේවා වනිතා ඒකකයෙන් තවත් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරක වැඩසටහනක් අද (ඔක්තෝබර් 11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයක් මත නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අරමුණු කර ගනිමින්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍යධාර යටතේ ලබා ගන්නා ලද පරිත්‍යාගයන් රැසක් නාවික පුද්ගලයින් අතරේ බෙදාහැරිම මෙහිදී සිදු කෙරුණි. ඒ අනුව, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍යවන කිරිපිටි, වායු මේට්ට, පරිගණක යන්ත්‍ර, ශ්‍රවණ උපකරණ, පාසල් පොත්පත් හා අවශ්‍ය උපකරණ, රෙදි මහන යන්ත්‍ර, වර්ණ මුද්‍රණ යන්ත්‍ර සහ රූපවාහිණි යන්ත්‍ර ආදිය මෙහිදී නාවික පුද්ගලයින් සහ පවුල්වල සාමාජිකයින් අතරේ බෙදාහරින ලදී.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, කොමදෝරු සෙනරත් විජේසුරිය, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, කොමදෝරු ධම්මික කුමාර, නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ පරිත්‍යාගලාභින් මෙන්ම නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.