ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 24 වන දින ශ්‍රිලංනානෞ පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගි වු අතර,සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය,මාණ්ඩලික ප්‍රධානි,උප සභාපතිණිය චන්දිමා උළු‍ගේතැන්න, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් , සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරීන් ඇතුළු පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ආරාධිත අමුත්තන් පීළිගැනීමෙන් අනතුරුව, විවිධ ප්‍රසංගය ආරම්භ වු අතර, කුඩා දරුවන්ගේ විචිත්‍රවත් නර්ථනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. ප්‍රසංගයෙන් අනතරුව පෙර පාසල් දරු දැරියන්ගේ දක්‍ෂතා අගයනු වස් දරු දැරියන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය කරන ලද අතර, පෙර පාසල් ගුරුවරියන්/ගුරු සාහයිකාවන්ගේ සේවය අගයනු වස් ඔවුන් වෙනුවෙන් ත්‍යාග ලබාදීම පැමිණි සිටි ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.