ශ්‍රිලංනානෞ දක්‍ෂීණ නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා යසින්තා විජේසේකර මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ දක්‍ෂීණ නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 23 වන දින ශ්‍රිලංනානෞ නිපුන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, සහභාගිවු අතර, සේවා වනිතා ඒකකයේ උප සභාපතිතුමිය, දකුණු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කේජි පෝල් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් එම මැතිණිය , සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ආරාධිත අමුත්තන් පීළිගැනිමෙන් අනතරුව, විවිධ ප්‍රසංගය ආරම්භ වු අතර, දරු දැරියන්ගේ විචිත්‍රවත් නර්ථනාංගයන් වලින් උත්සවය වර්ණවත් විය. ප්‍රසංගයෙන් අනතරුව පෙර පාසල් දරු දැරියන්ගේ දක්‍ෂතා අගයනු වස් දරු දැරියන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය කරන ලදි.