ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 26 වන දින නාවික හා සාගරික විද්‍යා පීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති, උප සභාපතිණීය චන්දිමා උළු‍ගේතැන්න , නැගෙනහිර විධානය භාර අඥාපති තුමා හා රම්‍යාණි වික්‍රමසිංහ මැතිණිය , සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරීන් ඇතුළු පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතරුව, විවිධ ප්‍රසංගය ආරම්භ වු අතර, කුඩා දරුවන්ගේ විචිත්‍රවත් නර්ථනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. ප්‍රසංගයෙන් අනතරුව පෙර පාසල් දරු දැරියන්ගේ දක්‍ෂතා අගයනු වස් දරු දැරියන් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය කරන ලද අතර, පෙර පාසල් ගුරුවරියන් සහ ගුරු සහායිකාවන්ගේ සේවය අගයනු වස් ඔවුන් වෙනුවෙන්ද ත්‍යාග ලබාදීම පැමිණි සිටි ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.