උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව හෙට දින ලොව දිනන්නට වෙර දරණ සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ දුදරුවන් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල 2019 නොවැම්බර් මස 27 වන දින ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

තවද මෙම උත්සව අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය , මාණ්ඩලික ප්‍රධානි , නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, උතුරු මැද නාවික පෙදෙස භාර අඥාපතිතුමන් අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් , සියළුම ආඥාපතිවරුන් , ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිළධාරි ,සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරීන්ගේ හා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.