උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව හෙට දින ලොව දිනන්නට වෙර දරණ සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ දුදරුවන් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල 2019 නොවැම්බර් මස 27 වන දින ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

29 Nov 2019

ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 26 වන දින නාවික හා සාගරික විද්‍යා පිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

29 Nov 2019