සේවා වනිතා ඒකකයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාවේ සේවය කරනු ලබන බනැවි ඩබ්ජිඩිඑස් බංඩාර, එක්ස්එස් 105447 දරණ නාවිකයා හට සුභසාධක මෙහෙවරක් ලෙස නිවසක් ඉදිකර ගැනිම වෙනුවෙන් සේවා වනිතා මුල්‍යමය පරිත්‍යාගයක් වශයෙන් රු. 500,000.00 ක මුදලක් පරිත්‍යාග කිරිම සහ නාවික හමුදාවේ සේවයේ යෙදි සිටියදි මියගිය ඉකා I එම්පි රාමනායක, ඊසි 49932 දරණ නාවිකයාගේ දරුවන් දෙදෙනා හට සේවා වනිතා ඒකකය මගින් අවශ්‍ය පාසල් උපකරණ ලබාදිම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2019 දෙසැම්බර් මස 19 වන දින සිදුකරන ලදි.

මෙම උත්සව අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය, බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මැතිණිය ඇතුළු සේවා වනිතා කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලදි.