නාවික හමුදා පවුල්වල දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා සුහඳ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් කොළඹදී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි” අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පාසල් නිවාඩු කාලයේ දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ වෙනත් ක්‍රියාකාරකම් ඇතුලත් වැඩසටහනක් ගරු සභාපතිතුමියගේ සහභාගීත්වයෙන් 2019 දෙසැම්බර් මස 29 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා වැලිසර, නාවික තාක්‍ෂණික ආයතන ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා විධායක කමිටු සාමාජිකාවන් වන කුමාරි වීරසිංහ මැතිණිය හා දිලිණි පෙරේරා මැතිණිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා කාර්ය මණ්ඩලය ද සහභාගී වන ලද අතර, තරඟාවලිය අවසානයේදී සියළුම දරුවන් හට ත්‍යාග ලබාදිම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදුවිය.