සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් දෙදෙනෙක් වෙනුවෙන් සමුගැනිමේ සාදයක්.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහ උප සභාපතිනිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ශයනි පුර්ණිමා විතානගේ මැතිණිය හා මේනකා සේරසිංහ මැතිණිය වෙනුවෙන් වූ සමුදීමේ වැඩසටහනක් 2020 ජනවාරි මස 03 වන දින නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදි අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මෙලෙස සමුදෙනු ලැබූයේ නාවික හමුදා සේවයේ නියුතුව විශ්‍රම ගිය විශ්‍රාමික රියර් අද්මිරාල් උදේනි සේරසිංහ සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සූජිව පෙරේරා යන ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනාගේ ආදරණීය බිරින්දැවරුන් වන අතර, එම මැතිණියන් දෙදෙනා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් වශයෙන් නාවික හමුදාව සේවා වනිතා ඒකකයට විශාල සේවයක් ඉටු කර ඇත.

එම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායාමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය. එහිදි ගරු සභාපතිනිය විසින් සමුගන්නා ලද ශයනි පුර්ණිමා විතානගේ මැතිණිය හා මේනකා සේරසිංහ මැතිණිය හට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරන ලදි.

මේ සදහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා සහභාගි වන ලදි.