නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය අතර හමුවක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වන චිත්‍රානී ගුණරත්න මැතිණිය 2020 ජනවාරි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා පරිශ්‍රයේදී, නිළ වශයෙන් හමුවිම සිදුවිය.

මෙහිදි නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය හා ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය වන චිත්‍රානී ගුණරත්න මැතිණිය සුහද කථා බහක නිරත වු අතර, මෙහිදි නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරන ලදි.