නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මුල්ලේරියාව අතරමැදි නිවාසයේ රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් නඩත්තු කරනු ලබන මුල්ලේරියාව අතරමැදි නිවාසයේ වාට්ටු අංක 07 හි අවශ්‍ය අළුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අද (2020 පෙබරවාරි 01) එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදි.

මේ සදහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, උප සභාපතිතුමිය, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගි වන ලද අතර, දහවල් ආහාර වේලෙන් අනතුරුව රෝගීන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩ සටහනක් පවත්වා රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමක් හා තිළිණ ප්‍රධානයක් සිදුකරන ලදි.

රෝහල් වාට්ටුව භාර වෛද්‍ය නිලධාරිතුමන් විසින් නන් අයුරින් දායක වු සැමට සිය කෘතවේදීත්වය හා පුණ්‍යානුමෝදනා පල කරන ලද අතර, ගරු සභාපතිතුමියද මෙහිදි සිය අදහස් ප්‍රකාශ කර සිටින ලදි.