නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කලා චිකිත්සක වැඩසටහනක් (Art Based Therapy) පවත්වයි

නාවික හමුදා මනෝසෞඛ්‍ය අංශයේ නිලධාරීන් හා නිලධාරිනියන්ගේ උපදේශකත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කලා චිකිත්සක වැඩසටහනක් (Art Based Therapy) 2020 පෙබරවාරි 14 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේදී පවත්වන ලදි.

තවද, කලා චිකිත්සාව සම්බන්ධයෙන් සිදු කරන ලද හරවත් දේශනයකින් අනතුරුව මනස ලිහිල් කිරීම හා කලාව ආශ්‍රීතව විවිධ ක්‍රියාකාරකම් රැසකින් ද මෙම වැඩසටහන සමන්විත විය. එසේම මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් රැසක් සහභාගී වන ලදි.