ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 24) සිදු විය.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයිනගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල් තැබීම අද (2020 පෙබරවාරි 24) සිදු කරන ලදි. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ සහභාගීත්වයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු එළඹි සුභ මෙහොතින් ආයතන පරිශ්‍රයේදී මුල්ගල් තැබීම සිදු කරන ලදි

මේ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී විය.