ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් රැසක්

2020 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් නාවික නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2020 මාර්තු මස 10 වන දින ප්‍රදීපාගාර අවන්හලෙහිදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙහිදි, සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වය යටතේ නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හා දු දරුවන් වෙනුවෙන් පරිගණක යන්ත්‍රයක් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අයවළුන් වෙත රෝද පුටු, ශ්‍රවණ උපකරණ, ශිෂ්‍යාධාර පරිත්‍යාග කිරිමත්, සේවා වනිතා ඒකකය මගින් නාවික පුද්ගලයින් වෙනුවෙන් සහනාදායි පොලී අනුපාතයක් යටතේ ලබාදෙනු ලබන රු.150,000.00ක ණය මුදල මුලික වශයෙන් කාන්තා නාවිකයින් 06 දෙනෙකු සඳහා ප්‍රධානය කිරිමත් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදු විය.

තවද, මෙහිදී නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද කඩදාසි නිර්මාණ කලාව, කේක්, මැහුම් හා රූපලාවන්‍ය ආදී වැඩසටහන් රැසක් ප්‍රවිණ හා පලපුරුදු ශිල්පිණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විමට කටයුතු කරන ලදි. එම වැඩ සටහන අවසානයේ වැඩ මුළුව පවත්වන ලද ප්‍රවිණ හා පලපුරුදු ශිල්පිනියන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, උප සභාපතිතුමිය ඇතුළු පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සුරතින් සිදුවිය.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය..