නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ද්‍රව්‍යමය සහ මූල්‍යාධාර ප්‍රදානය කිරීමක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුභ සාධන වැඩසටහනක් 2020 ජුනි 20 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියනියගේ සහභාගිත්වයෙන් බල නැවි ඩිඑම්ඒබි ගුණවර්ධන, එක්ස්එස් 87069 දරණ කණිෂ්ඨ නාවිකයාගේ තුන් නිවුන් දරු උපත ‍වෙනුවෙන් එම දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය සහ සුභ සාධනය අරමුණු කොට ගනිමින් සේවා වනිතා ඒකකයේ තවත් එක් සමාජ සත්කාර්‍යක් ලෙස මෙම ද්‍රව්‍යමය සහ මූල්‍යාධාර ප්‍රදානය කිරීම 2020 ජුනි මස 20 වන දින මිහින්තලය, ගල්කුලම පිහිටි එම නාවිකයාගේ නිවසේදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදු කරන ලදි.