නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර්ය වැඩසටහනක් 2020 ජුනි මස 26 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියනියගේ සහභාගිත්වයෙන් හදි‍සි අනතුරකට ලක්ව ශල්‍ය කර්මයක් මගින් දකුණු පාදය ඉවත් කර ඇති, වම් පාදයද බරපතල තුවාල සහ අස්ථි බිදීමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින ජිජි අදීප හෂින්ත කුලරත්න යන දරුවා වෙනුවෙන් එම දරුවාගේ ඉදිරි ප්‍රතිකාර, සුභ සාධනය සහ අධ්‍යාපන කටයුතු අරමුණු කොට ගනිමින් සේවා වනිතා ඒකකයේ තවත් එක් සමාජ සත්කාර්‍යක් ලෙස රු. 100,000.00 ක මූල්‍යාධාර ප්‍රදානය කිරීම 2020 ජුනි මස 26 වන දින ඔබවත්ත, හෙයියන්තුඩුව පිහිටි එම දරුවාගේ නිවසේදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදු කරන ලදි.