සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිනිය ලෙස චන්දිමා උළුගේතැන්න මැතිණිය වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2020 ජුලි මස 15 වන දින සිය ධූරයේ වැඩ භාර ගන්නා ලද අතර, එදිනම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිනිය ලෙස චන්දිමා උළුගේතැන්න මැතිණිය සිය ධූරයේ කාර්යයන් ආරම්භ කරන ලදි.

2017 වර්ෂයේ සිට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කටයුතු සඳහා සක්‍රීයව සම්බන්ධ වූ චන්දිමා උළුගේතැන්න මැතිණිය වසර එකහමාරකට ආසන්න කාලයක් සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ලෙස කටයුතු කර ඇත. එතුමිය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වශයෙන් විවිධ දක්‍ෂතා දැක්වූ තැනැත්තියක වන අතර, රාජකාරී කාලය තුළ නාවික හමුදා සේවා වනිතා ඒකකයෙහි කැපී පෙනෙන රාජකාරියක් ඉටු කරනු ඇතැයි යන්න සියළුදෙනාගේ විශ්වාසය බව රාජකාරී භාර ගැනීමේ ආරම්භක උත්සව අවස්ථාවේදී පැමිණ සිටි ආරාධිත සේවා වනිතාවන් ප්‍රකාශ කර සිටියහ.