නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් වශයෙන් නාවික හමුදා සේවයේ නියුතු ඉංජිනේරු කාර්මික ටීඑම්ජේ කරුණාරත්න ඊඊ 89627 දරණ නාවිකයාගේ තුන් නිවුන් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා කිරිපිටි ලබා දීම අද (2020 අගෝස්තු 13) නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සිදු කරන ලදි.

ඉංජිනේරු කාර්මික ටීඑම්ජේ කරුණාරත්න ඊඊ 89627 දරණ නාවිකයා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ තුන් නිවුන් දරුවන් සහ වසර එකහමාරක් වන දරුවා සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා දීමට නිර්දේශ මාස 06 ක් සඳහා වන කිරිපිටි පෝෂණ අවශ්‍යතාවය සැපයීම සඳහා කිරිපිටි ලබා දීමේ පළමු අධියර වශයෙන් එක් මසකට අවශ්‍ය කිරිපිටි ලබා දීම අද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනිය විසින් මෙලෙස සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.