නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වැලිසර සේවා වනිතා ව්‍යාපෘතින්හි නිරීක්‍ෂණ චාරිකාවක

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ලෙස චන්දිමා උළුගේතැන්න මැතිනිය වැඩ ‍‍‍‍‍‍‍‍‍භාර ගැනිමෙන් අ‍නතුරුව එතුමියගේ ප්‍රථම නිරීක්‍ෂණ චාරිකාවාරය වශයෙන් 2020 අගෝස්තු 13 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන වැලිසර නාවික හමුදා සංකීර්ණයෙහි පිහිටි සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනිය නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන වැලිසර නාවික හමුදා සංකීර්ණයෙහි පිහිටි, සේවා වනිතා සුභසාධක වෙළඳසැල, සේවා වනිතා පෙරපාසල, සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය, සේවා වනිතා රූපලාවන්‍යාගාරය, සේවා වනිතා තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය, සේවා වනිතා බේකරිය, සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය, සේවා වනිතා මල් සැකසුම් ඒකකය, සේවා වනිතා බතික් නිර්මාණ මධ්‍යස්ථානය, සේවා වනිතා මාර්ගස්ථ තොග ගබඩාව සහ සිඳුලිය සෙවන නිවාඩු නිකේතනය යන ස්ථානයන්හි නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය. එහිදී එතුමිය එම ව්‍යපෘතීන් පිළිබඳ සොයා බලා කරුණු විමසන ලද අතර, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම ව්‍යාපෘතීන් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දෙන ලදි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.