ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්

2020 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සිදුකල තවත් සමාජ සත්කාර්යක් ලෙස දෙහිවල සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 40 දෙනෙක් සඳහා අද (2020 සැප්තැම්බර් 30) දිවා ආහාර පිලිගැන්වීමට කටයුතු කරන ලදි.

30 Sep 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික සුභසාධක අංශය මගින් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා සුභසාධක අංශය එක්ව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් උපකරණ සහ පොත්පත් කොළඹ මැලේ වීදියේ ආරක්‍ෂක සේවා විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 14 වන දින එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

15 Sep 2020

සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හය දෙනෙක් (06) වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හය දෙනෙකු (06) හට සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් අද (2020 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

13 Sep 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නැගෙනහිර නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂනය කරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය නැගෙනහිර නාවික විධානයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දෙදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

12 Sep 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් වශයෙන් නාවික හමුදා සේවයේ නියුතු නායක ගබඩා සහකාර ඩීඑම්සීඒ කුමාරසිංහ එස්එස් 45132 දරණ නාවිකයාගේ නිවුන් දරුවන් ලද බිරිඳගේ පෝෂණ අවශ්‍යතා සඳහා කිරිපිටි ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් 08 වන දින නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සිදු කරන ලදි.

10 Sep 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් වයඹ නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කරයි

වයඹ නාවික විධානයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය 2020 අගෝස්තු 29 සහ 30 යන දිනයන්හි වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.

02 Sep 2020