නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් වශයෙන් නාවික හමුදා සේවයේ නියුතු නායක ගබඩා සහකාර ඩීඑම්සීඒ කුමාරසිංහ එස්එස් 45132 දරණ නාවිකයාගේ නිවුන් දරුවන් ලද බිරිඳගේ පෝෂණ අවශ්‍යතා සඳහා කිරිපිටි ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් 08 වන දින නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සිදු කරන ලදි.

10 Sep 2020