සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හය දෙනෙක් (06) වෙනුවෙන් සමුදීමේ සාදයක්
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් හය දෙනෙකු (06) හට සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් අද (2020 සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
මෙම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය. මෙහිදි සමුගන්නා ලද සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් වන වසන්ති ගමගේ මැතිනිය, නොයෙලින් සේනාධීර මැතිනිය, ශිරෝමි හීනටිගල මැතිනිය, ජීවනී සෙනෙවිරත්න මැතිනිය, චිත්‍රානි ගලේවත්ත මැතිනිය සහ ගයත්‍රි ජිනදාස මැතිනිය හට සමරු තිළිණ ප්‍රධානය කිරීම ගරු සභාපතිතුමිය විසින් සිදු කරන ලදි.
තවද මෙම සමුදීමේ සාදය සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.