ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්

2020 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සිදුකල තවත් සමාජ සත්කාර්යක් ලෙස දෙහිවල සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 40 දෙනෙක් සඳහා අද (2020 සැප්තැම්බර් 30) දිවා ආහාර පිලිගැන්වීමට කටයුතු කරන ලදි.

දෙහිවල සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ පැවති මෙම දිවා ආහාරය පිළිගැන්වීමේ වැඩසටහනෙන් අනතුරුව මෙම වැඩිහිටි විවේකාශ්‍රමයේ භාවිතය සඳහා අත්‍යාවශ්‍යව පැවති රෙදි සෝදන යන්ත්‍රයක් එම විවේකාශ්‍රමය වෙත පරිත්‍යාග කිරීමද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදු කරන ලදි.

තවද මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් පිරිසක් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩල සාමාජිකයින්ද සහභාගී වී සිටියහ.