ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා පෙර පාසල් දූ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස, පණ්ඩුකාභය සහ දක්ෂිණ යන ආයතනවල පවත්වාගෙන යනු ලබන පෙර පාසල්හි අධ්‍යාපනය ලබන දරුවන්ගේ කලා කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුණින් චිත්‍ර ප්‍රදර්ශනයක් 2020 ඔක්තෝබර් 02 වන දින එම පෙර පාසැල් පරිශ්‍රයන්හි පැවැත්වීමට කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් බටහිර නාවික විධානය නියෝජනය කරමින් සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා කුමාරි වීරසිංහ මැතිණියද, නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් විධායක කමිටු සාමාජිකා දිලිනි පෙරේරා මැතිණියද, උතුරු මැද නාවික විධානය නියෝජනය කරමින් විධායක කමිටු සාමාජිකා ගංගා ඩයස් මැතිණිය සහ දකුණු නාවික විධානය නියෝජනය කරමින් විධායක කමිටු සාමාජිකා මාලා ලමාහේවා මැතිණිය එම විධානයන්හි පැවති උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වූ අතර, දකුණු නාවික විධානයේ පැවති උත්සව අවස්ථාව සඳහා එම විධානයේ ආඥාපති ද සහභාගී විය. එමෙන්ම, මෙම අවස්ථාවන් සඳහා පෙර පාසල් පිහිටි නාවික ආයතනවලට අයත් අණදෙන නිලධාරීන්, පෙර පාසල් අධික්ෂණ නිලධාරීන් සහ පෙර පාසල් කාර්ය මණ්ඩලද සහභාගී වූහ.
තවද, දකුණු නාවික විධානයට අයත් පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ පරිහරණය සඳහා පෙර පාසල් පුස්තකාලය වෙත සිය මූල්‍ය දායකත්වයෙන් පොත් පරිත්‍යාග කිරීමක් විධායක කමිටු සාමාජිකා මාලා ලමාහේවා මැතිනිය විසින් සිදුකරන ලදි. එමෙන්ම චිත්‍ර ප්‍රදර්ශන අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු පැමිණ සිටි ආරාධිත අමුත්තන් විසින් දරුවන්ගේ කලා කුසලතාවයන් අගයමින් ඔවුන් දිරිමත් කිරීම සඳහා ත්‍යාග ප්රදානය කිරීමටද කටයුතු කෙරිණි.
බටහිර
නැගෙනහිර
උතුරු මැද
දකුණ