ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා පෙර පාසල් දූ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස, පණ්ඩුකාභය සහ දක්‍ෂිණ යන ආයතනවල පවත්වාගෙන යනු ලබන පෙර පාසල්හි අධ්‍යාපනය ලබන දරුවන්ගේ කලා කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුණින් චිත්‍ර ප්‍රදර්ශනයක් 2020 ඔක්තෝබර් 02 වන දින එම පෙර පාසැල් පරිශ්‍රයන්හි පැවැත්වීමට කටයුතු කෙරිණි.

03 Oct 2020