සේවා වනිතා ඒකකය මගින් වැලිසර නාවික හමුදා සංකීර්ණයේ නාවික විවාහක නිවස්නයන් වෙතටම දෛනික පාරි‍‍භෝඡන ද්‍රව්‍යයන් සැපයීමේ වැඩස‍‍ටහනක්

වැලිසර නාවික හමුදා සංකීර්ණයේ පිහිටි නාවික විවාහක නිවාසයන් හි පදිංචිව සිටින නාවික පවුල් වල සාමාඡිකයන් හට අවශ්‍ය දෛනික පරි‍‍භෝඡන ද්‍රව්‍යයන් එම විවාහක නාවික නිවස්නයන් වෙතටම ලබාදීමේ වැඩ පිළිවෙලක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වේ.

රටේ දැනට පවත්නා කොව්ඩ් 19 වසංගත අවදානම යටතේ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ පිහිටි විවාහක නිවාසයන් හි වාසය කරන නාවික පවුල් වල සාමාඡිකයන් හට අවශ්‍ය දෛනික පාරිභෝඡන අවශ්‍යතා , බාහිර වෙළදපලින් සපුරා ගැනීමේ දුෂ්කරතාවයන් මතුවි ඇත. ඒ අනුව ඔවුන් ලක්ව ඇති අපහසුතා මගහරවා ගැනීම සදහා සහයක් වෙමින් එම නාවික හමුදා සංකීර්ණයේ පිහිටි සේවා වනිතා සුභසාධක වෙළද සැලෙන් සහනදායී මිල ගණන් යටතේ අත්‍යවශය පරිභෝඡන ද්‍රව්‍ය නාවික විවාහක නිවසයන් වෙතටම සෞඛ්‍ය ආරක්ෂිතව ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබයි.