නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යයක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් වශයෙන් නාවික හමුදා සේවයේ නියුතු ප්‍රවාහන සහායක එච්එම්පී ගුණවර්ධන ඊඩි 106471 දරණ නාවිකයාගේ රෝගී සහෝදරිය සඳහා විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2020 නොවැම්බර් මස 25 වන දින නාවික හමුදා මූලස්ථාන ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.

ප්‍රවාහන සහායක එච්එම්පී ගුණවර්ධන ඊඩි 106471 දරණ නාවිකයා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍යමය අධාරයෙන් එම නාවිකයාගේ රෝගී සහෝදරිය වෙත මෙම විදුලි රෝද පුටුව පරිත්‍යාග කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් සිදු කරන ලදි.

තවද, රටේ දැනට පවත්නා කොවිඩ් 19 අවදානම් තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා කුමාරි වීරසිංහ මැතිණිය සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.