ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකල සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකල ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘතකිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීවයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජනවාරි මස 09 වන දින සිදු කෙරිණි.

ගිනිකොණ නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සුභසාධනය උදෙසා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යාමට නියමිත මෙම අභිනවයෙන් ඉදිකල අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගිනිකොන නාවික විධානයේ ආඥාපති, සේවා වනිතා ව්‍යාපෘති ජ්‍යේෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී ඇතුළු සීමිත නාවික පුද්ගලයින් පිරිසක් මෙන්ම ආබාන්ස් ආයතනයේ ප්‍රධාන කළමණාකරු සහ එම ආයතනයේ විධායක අංශයේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටින ලදී.

තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ශ්‍රී ලංනානෞ මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල මෙන්ම සේවා වනිතා යෝගට් ව්‍යාපෘතියේ වර්ථමාන තත්වය නිරීක්‍ෂණය කල අතර, එම ව්‍යාපෘතීන්හි අභිවෘද්ධිය සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සේවා වනිතා ව්‍යාපෘතීන් භාර නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරිණි.

පවතින කොව්ඩ් 19 අවධානම් තත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස්වලට අනුව මෙම සියළු වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබිණි.