නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර්ය වැඩසටහනක් 2021 පෙබරවාරි 01 වන දින නාවික හමුදා මුලස්ථානයේ පිහිටි ‍නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.

මෙහිදී, නාවික හමුදාවේ සේවය කරනු ලබන සුළු නිලධාරී එච්එම්ජේකේ හේරත් එක්ස්එස් 40624 දරණ ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පියාගේ, නානැවි එච්එම්යූසී කුමාර එක්ස්එස් 82853 දරණ නාවිකයාගේ මවගේ සහ නානැවි ඩබ්එම්ආර්පී වික්‍රමසිංහ වීඒ 64751 දරණ නාවිකයාගේ බිරිඳගේ මවගේ අසනීප තත්වයන් හේතුවෙන් එම නාවික පුද්ගලයින් විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව රෝද පුටු පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සේවා වනිතා ඒකකයේදී සිදුකරන ලදි.

තවද, ශ්‍රීලංනානෞ දක්‍ෂිණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රීලංනානෞ දක්‍ෂිණ ආයතනයේ ස්ථාපිත නාවික පෙර පාසලේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමද ගරු සභාපතිතුමියගේ සුරතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිතුමිය කුමාරි වීරසිංහ මැතිණිය, විධායක කමිටු සාමාජිකාවන් වන අයෝනි වෑවිට මැතිණිය සහ මනෝරි ගමගේ මැතිණිය ඇතුළු සේවා වනිතා කාර්ය මණ්ඩලයද සහභාගී වන ලදි.