සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා චන්ද්‍රිකා දසනායක මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා චන්ද්‍රිකා දසනායක මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 18 වන දින නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

මෙම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය. මෙහිදි සමුගන්නා ලද සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා චන්ද්‍රිකා දසනායක මැතිණිය හට සමරු තිළිණ ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් සිදු කරන ලදි.

තවද මෙම සමුදීමේ සාදය සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.