ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව 2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 21 වන දින වැලිසර ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී සිදු කෙරිණි.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා සී/ස එල්බී ෆිනෑන්ස් ආයතනය මගින් අවශ්‍ය පැල, ‘තුරු සංසදය’ පාරිසරික සංවිධානය හා සම්බන්ධීකරණය වී නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත ලබාදීමට කටයුතු කළ අතර, මෙහිදි නාවික හමුදාධිපතිතුමන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය, සේවා වනිතා ඒකකයේ නව උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණිය මෙන්ම බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ‍සහ සේවා වනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය ඇතුළු පිරිස විසින් ලෝක වනාන්තර දිනය සංකේතවත් කරමින් මී පැල රෝපණය කිරීම සිදු කෙරිණි. තවද, සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන් සහ ‍මෙම වැඩසටහන සඳහා පැමිණ සිටි සේවා වනිතා සාමාජිකාවෝ ද මෙම පැල රෝපණ වැඩසටහන සඳහා සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් නිලධාරිණියන් සහ නාවිකයින් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගීවී සිටින ලදී.