සේවා වනිතා ඒකකයේ හිටපු උප සභාපතිනී කුමාරි වීරසිංහ මැතිනිය වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු උප සභාපතිනී කුමාරි වීරසිංහ මැතිනිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 23 වන දින උස්වැටකෙයියාව මාලිමා ක්ලබ් හවුස් (Malima Club House) උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

මෙම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ ගායන වාදන සහ නර්තන අංගයන්ගෙන් වර්ණවත් විය. මෙහිදි සමුගන්නා ලද සේවා වනිතා ඒකකයේ හිටපු උප සභාපතිනී කුමාරි වීරසිංහ මැතිනිය හට සමරු තිළිණ ප්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් සිදු කරන ලදී.

තවද මෙම සමුදීමේ සාදය සඳහා සේවා වනිතා ඒකකයේ නව උප සභාපතිතුමිය, විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.