වයඹ නාවික විධානයේ අභිනව සේවා වනිතා සුභසාධන ව්‍යාපෘති විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයක් මත හා මඟපෙන්වීම යටතේ නාවික පුද්ගලයින්ගේ සුභසාධනය උදෙසා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ ස්ථාපිත සුභසාධක වෙළඳසැළ නව මුහුණුවරකින් ආරම්භ කිරීම සහ ශ්‍රීලංනානෞ තම්බපණ්ණී ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල සේවා වනිතා සුභසාධක වෙළඳසැල සහ අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් 2021 අප්‍රේල් මස 08 වන දින සිදු කෙරිණි.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එස්බී සේනාරත්න, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, සේවා වනිතා කමිටු සාමාජිකා ප්‍රියංකා සෙනවිරත්න මැතිණිය, ධජ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩලයද සහභාගී වී සිටියහ.


ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ ස්ථාපිත සුභසාධක වෙළඳසැළ නව මුහුණුවරකින් ආරම්භ කිරීම


ශ්‍රීලංනානෞ තම්බපණ්ණී ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල සේවා වනිතා සුභසාධක වෙළඳසැල විවෘත කිරීම


ශ්‍රීලංනානෞ තම්බපණ්ණී ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල අබාන්ස් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම