නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව ඉඳුරාම ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අබාධිත නාවිකයින් හට නිවසක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ බල නාවික පාබල (ආබාධිත) ඊජීඑස්ආර් මුණවීර එක්ස්පී 8976 යන නාවිකයා වෙනුවෙන් නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බංඩාර මහතාගේ මව වන රත්නා වීජේසිංහ මැතිණියගේ සුරතින් 2021 අප්‍රේල් මස 12 වන දින උදම්විටදී සිදුකරන ලදී.

13 Apr 2021