නාවික හමුදා සුනඛ සංචිතය සඳහා හදිසි ප්‍රථිකාර ඒකකයක් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයෙහි ඉදි කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතයේ සුනඛයින් සඳහා වන අභිනව හදිසි ප්‍රතිකාර ඒකකය (Emergency Treatment Unit) නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සුරතින් 2021 අප්‍රේල් මස 23 වන දින විවෘත කරන ලදි.

මෙහිදී නාවික හමුදා සුනඛ සංචිතයේ සුනඛයින්ගේ හැකියාවන් විදහාපාමින් අලංකාර සංදර්ශනයක් ද පවත්වන ලද අතර, මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිනිය, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නිලධාරිණියන්, සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.