මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලට නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ අරමුදලින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකයෙහි කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත පරිත්‍යාග කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් අද (2021 මැයි 12) දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍ය කාංචනා ජයතිලක මහත්මිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, විධාන වෛද්‍ය නිලධාරී (බ) වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වන ලදී.