නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් එක් සමාජ සත්කාරක සේවාවක් වශයෙන් සේවයේ නියුතු සප්‍රසුනි ජේබීඑස් සංජීව ඊඩී 33240 දරණ ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පියාගේ රෝගී තත්වය හේතුවෙන් එම ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රෝද පුටුවක් පරිත්‍යාග කිරීම මෙන්ම, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ සේවයේ යෙදී සිටියදී හදිසියේ මියගිය සුළු නිලධාරී පීවයිඑස් සුමනසිරි එස්ඩබ් 30189 ජ්‍යේෂ්ඨ නාවිකයාගේ බිරිඳ විසින් තම දරුවන් තිදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ප්‍රදීපාගාර අවන්හලේදී අද (2021 මැයි මස 12) දින සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, විධාන වෛද්‍ය නිලධාරී (බ) වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වන ලදි.