නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙතෙක් සිදුකළ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන සියළුම නාවික විධාන අවරණය වන පරිදි පවත්වයි

පවතින වසංගත තත්ත්වය හමුවේ පරිත්‍යාගශීලීන් හට ලේ පරිත්‍යාග කිරීමේ දුෂ්කරතා මතුවන හෙයින් රටපුරා රෝහල්හි ඇති ලේ බැංකු සහ ජාතික ලේ බැංකුවෙහි පවතින රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටී ඇත. මේ හේතුවෙන් ලේ බැංකුවෙන් සහ අපේක්‍ෂා රෝහල ඇතුළු බොහෝ රෝහල් වෙතින් ලේ පරිත්‍යාග කරන ලෙස විවෘත මෙන්ම සෘජු ඉල්ලීම්ද නොකඩවා ලැබිණි.

ඒ හේතුවෙන් වෙසක් පුන් පොහොය දිනය නිමිති කොට ගනිමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ලේ බැංකුව හා සම්බන්ධීකරණය වෙමින් “ලේ දන්දීමේ පිංකමක්” 2021 මැයි මස 24 වන දින බටහිර, උතුරු මැද, වයඹ, උතුරු, ගිණිකොන සහ දකුණු නාවික විධානයන්හි 0900 පැයේ සිට 1800 පැය දක්වා පැවැත්වීමට සේවා වනිතා ඒකකය මඟින් කටයුතු කෙරුණු අතර, ලේ පරිත්‍යාගශීලී නාවික පුද්ගලයින් 1611ක පිරිසක් මෙම පුණ්‍ය කර්මය සමග අත්වැල බැඳගන්නා ලදී.

මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සහභාගිත්වයෙන් අගමික වතාවත් වලට මුල් තැන දෙමින් කොවිඩ් 19 වැළැක්වීම සඳහා ලබාදී ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පැවැත්විණී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු පීඑස් ද සිල්වා, ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් එච්අයිඒ ගුණවර්ධන, බටහිර විධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වන ලදි.



බටහිර නාවික විධානය



උතුරු මැද නාවික විධානය



වයඹ නාවික විධානය


උතුරු නාවික විධානය



ගිනිකොන නාවික විධානය



දකුණු නාවික විධානය