නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත වියලි සළාක පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ශ්‍රී සුගත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වෙසෙන ස්වාමින් වහන්සේලා සහ එහි රැකවරණය ලබන දරුවන් වෙනුවෙන් වියලි ද්‍රව්‍යමය ආහාර සළාකයන් ලබාදීම අද (2021 මැයි 25) ශ්‍රී සුගත විහාරස්ථාන පරිශ්‍රෙය් සිදුකරන ලදි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතීන් යටතේ තවත් එක් සමාජ සත්කාරයක් ලෙස වැල්ලවත්ත, ශ්‍රී සුගත විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උරුමුත්තේ සුගතානන්ද නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ශ්‍රී සුගත විහාරස්ථානයේ පිහිටි ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වෙසෙන ස්වාමින් වහන්සේලා 03 නමක් හා එහි රැකවරණය ලබන දරුවන් 70 දෙනෙකු වෙනුවෙන් වියලි ද්‍රව්‍යමය ආහාර සළාකයන් ලබාදීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2021 මැයි මස 25 වන දින ශ්‍රී සුගත විහාරස්ථාන පරිශ්‍රෙය් දී සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා විධායක කමිටු සාමාජිකා ශ්‍යාමා සිල්වා මැතිණිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, සේවා වනිතා සාමාජිකා ප්‍රියංකා සෙනෙවිරත්න මැතිණිය, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, විධාන වෛද්‍ය නිලධාරී (බ) වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල, සේවා වනිතා සාමාජිකා අප්සරා ජයකොඩි මැතිණිය සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වන ලදි.