නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මහරගම අපේක්‍ෂා රෝහල වෙත පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සහ අනෙකුත් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා සනීපාරක්‍ෂක භාණ්ඩ, විදුලි උපකරණ සහ Medical Oxygen Cylinder පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේදී අද (2021 මැයි 25) දින සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී මහරගම අපේක්‍ෂා රෝහලේ අංක 17 රුධිර පිළිකා වාට්ටුවේ රක්තපාත පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක මහතාගේ ඉල්ලීමකට අනුව එම වාට්ටුවේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි 50ක්, කොට්ට සහ කොට්ට උර 25ක්, මේස ඇතිරිලි 05ක්, විදුලි පංකා 02ක් සහ අඟල් 32 වර්ණ රූපවාහිණී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කරන ලදී. එසේම එම රෝහලේ අංක 15-C ළමා පිළිකා වාට්ටුවේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා ඉල්ලීමකට අනුව එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ ප්‍රයෝජනය සදහා Medical Oxygen Cylinder 02 ක් (44 Ltr) පරිත්‍යාග කිරීම ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ගේ ප්‍රධානත්වයෙන් අපේක්‍ෂා රෝහල් පරිශ්‍රයේ දී සිදුවූ අතර, මෙම අවස්ථාව සදහා අපේක්‍ෂා රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන් සහ රෝහල් කාර්‍ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාව සඳහා විධායක කමිටු සාමාජිකා ශ්‍යාමා සිල්වා මැතිණිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, සේවා වනිතා සාමාජිකා ප්‍රියංකා සෙනෙවිරත්න මැතිණිය, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු ආර්පීඑන්එන් විජේදෝරු, විධාන වෛද්‍ය නිලධාරී (බ) වෛද්‍ය කොමාණ්ඩර් එම්වීඑස් අතුකෝරල සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වන ලදි.