නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි, පණ්ඩුගලම සිරි සම්බුද්ධ විහාරයට අනුබද්ධිත රොටවැව, එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් ස්ථාපිත කල ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජූලි 17 දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

19 Jul 2021

පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව නැගෙනහිර නාවික විධානය මඟින් කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ සහ අළුත්වැඩියා කළ ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම 2021 ජූලි 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර, එම පාසලේ ශිෂ්‍ය නායකයින් 25 දෙනෙකු සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාසල් උපකරණ ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි.

09 Jul 2021

ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල 2021 ජුලි මස 07 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

09 Jul 2021

නාවික හමුදා සේවා වනිතා නැවුම් එළවළු සහ පළතුරු අලෙවි සැල ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ පිහිටි සේවා වනිතා ගොඩනැගිලි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද අභිනව නැවුම් එළවළු සහ පළතුරු අලෙවි සැල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජුනි මස 28 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

09 Jul 2021